නිව්යෝර්ක් වලටත් වඩා විශාල අයිස් කුට්ටියක් ඇන්ටාර්ක්ටිකාවේ ග්ලැසිරයකින් වෙන්වෙයි

මාර් 02, 2021

    වර්ග කිලෝමීටර 500ක පමණ විශාලත්වයෙන් යුත් විශාල අයිස් කුට්ටියක් ඇන්ටාර්ක්ටිකාවේ ග්ලැසිරයකින් වෙන් වී තිබේ. මෙම කොටස අ‍මෙරිකාවේ නිව්යෝර්ක් නගරයටත් වඩා විශාල බවයි, පැවසෙන්නේ.

    මෙම අයිස් කුට්ටිය ගැලවී ගොස් ඇත්තේ, ඇන්ටාර්ක්ටිකාවේ බ්‍රන්ට් නමැති අයිස් පර්වතයෙන්. මෙම ප්‍රදේශයෙන් මීට පෙර අයිස් කුට්ටියක් ගැලවී ඇත්තේ, 1970 වසරේදී.

    මෙම සිදුවීමට ගෝලීය උණුසුම ඉහළ යාමේ සංසිද්ධිය හා සම්බන්ධයෙන් සබඳතාවක් පවතී ද යන්න පිළිබඳව මේ වන තෙක් විස්තර වාර්තා වී නොමැත.

    ඇතැම් විද්වතුන් පවසන්නේ, මෙය ස්වභාවික සංසිද්ධියක් බවයි.

    සෑම වසරකම දස දහසත් පහළොස් දහසත් අතර විවිධ ප්‍රමාණයේ අයිස් කුට්ටි ගැලවී සාගරයට එක් වෙයි. මෙවන් ආකාරයේ විශාල අයිස් කුට්ටි ස්වභාවික සංසිද්ධි හේතුවෙන් කැඩී වෙන් ‍වන්නේ, ඉතාමත් කලාතුරකින් බවයි පරිසරවේදීන් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 මාර්තු 2021 10:57

    Latest News