ලොවම කැළඹූ වැන්ගර් නායකයා මිය ගිහින්

අගෝ 24, 2023
    රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්ට එරෙහිව ආසාර්ථක මෙහෙයුමක් සිදු කළ යෙව්ගනී ප්රිගොෂීන් බටහිර ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බවට, සැකකෙරෙනවා

    රුසියානු බලධාරින් පවසන්නේ, රහසිගත ගුවන් යානය "කුෂෙන්කිනෝ" ගම්මානය ආසන්නයේ දී කඩා වැටීමෙන් එහි සිටි දස දෙනෙකුගෙන් යුත් පිරිස මිය ගොස් ඇති බවයි.

    කුලීහේවා කණ්ඩායමේ වැග්නර් ප්රධානියා වූ "ප්රිගොෂීන්" සහ ඔහුගේ ප්රධාන අනුගාමිකයා වූ " දිමිත්රි උට්කින්" ද, මෙම අනතුරින් මිය ගිය බවට, තහවුරු කොට තිබෙනවා.
    "ප්රිගොෂීන්" ජූනි මාසයේ දී ව්ලැදිමීර් පුටින්ට එරෙහිව දියත් කළ කැරැල්ලෙහි නායකත්වය හෙඹවූවා.
     
    "ප්රිගොෂීන්"ට අයත් මෙම ගුවන් යානය, සංචාරකයින් 7 දෙනෙකු සහ ඔහුගේ අනුගාමිකයන් තිදෙනෙකු සමග මොස්කව් සිට ශාන්ත පීටර් බර්ග් දක්වා පියාසර කරමින් සිටි බව, රුසියානු මාධ්ය අංශ පවසනවා.
     
    එරට රාජ්ය මාධ්ය සඳහන් කරන්නේ, ගුවන් යානය කඩා වැටී පොළොවේ වැදීමෙන් පසු ගිනි ගෙන දැවී ගිය බවයි. මෙම අනතුරට හේතුව සොයා පරික්ෂ ක්රියාත්මකයි.

    Latest News