ට්‍රම්ප් අධිකරණයට‍

අප්‍රේ 04, 2023

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ තිබෙනවා.

    එරට ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුව සිට, අපරාධ නඩුවකට මුහුණ දෙන පළමු පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසයි සැලකෙන්නේ.

    ට්‍රම්ප්ට එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇති.

    2016 ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබා දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට මෑන්හැට්න් ජූරි සභාව තීරණය කළේ, ඉකුත් සතියේ දී.

    අධිකරණයට ඉදිරිපත් කි‍රීමේ දී ට්‍රම්ප්ට මාංචු නොදමනු ඇතැයි, තමන් විශ්වාස කරන බව, ඔහුගේ නීතිඥවරයා පවසා තිබෙනවා.

    ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු, ගොනු කර ඇති චෝදනාවල නීතිමය භාවය පිළිබඳ මෝසමක් ගොනු කරන බවත්, එල්ල වී ඇති සියලු චෝදනාවලට ට්‍රම්ප් නිර්දෝෂි බවත්, නීතිඥවරයා සඳහන් කර ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News