ඉන්දියාවේ අධික වැසි හේතුවෙන් 16 ක් මරුට

ජූලි 21, 2023

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දින කිහිපයක් පුරා ඇදහැලෙන අධික වැසි සමග ඇතිවූ නායයාම් හේතුවෙන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

    බොහෝ දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

    දින ගණනාවක් පුරා ඇදහැලෙන වර්ෂාව සහ නායයාම් ප්‍රදේශ රැසකින් වාර්තා වනවා. ඊයේ සිදුවූ නායයාම් හේතුවෙන් අතුරුදන්වූ පිරිස් සෙවීම ඉතා දුෂ්කර බව හදිසි ආපදා නිලධාරීන් පවසනවා. මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් සිරවී සිටි 80 දෙනෙකු බේරා ගැනීමට සහන සේවකයන්ට හැකිවී තිබෙනවා. මියගිය අයගේ පවුල්වලට කඩිනමින් ආධාර ලබාදීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

    Latest News