උණුසුම නිසා ‍ලෝකයම අවදානමක ?

ජූලි 22, 2023

    ගෝලීය උෂ්ණත්වය, සාගර තාපය සහ ඇන්ටාක්ටික් ග්ලැසියර පිළිබඳව නිකුත් වී ඇති නවතම වාර්තා මගින් පෙර නොවූ විරු ගෝලීය අවදානමක් පෙන්නුම් කරන බව, විද්‍යාඥයින් පවසනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දෙන්නේ, යුරෝපය පුරා පැතිර යමින් පවතින තාප තරංග ඉදිරි කාලයේ තවත් වාර්තා ගත ලෙස ඉහළ යා හැකි බවයි.

    ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නවතම ගෝලීය අධ්‍යයනයන් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

    විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාසයන්හි උච්චතම අවස්ථාවට ගෝලීය වශයෙන් මුහුණ පෑමට අනාගතයේ සිදු වනු ඇති බවයි.

    පො‍සිල ඉන්ධන දහනයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ 2018 වසරේ සිට උණුසුම් වෙමින් පවතින ස්වභාවික කාලගුණික පද්ධතිය හෙවත් "එල්නිනෝ" තත්වය නිසා මෙම තත්වය ඇතිව තිබෙනවා.

    Latest News