කොළොම්බියාවේ ගංගාවක් පිටාර ගැලීමෙන් 14ක් මරුට

ජූලි 19, 2023

    කොළොම්බියාවේ බොගෝටා නගරය ආසන්නයේ ගංගාවක් පිටාර ගැලීමෙන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මියගිය අය අතර, කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

    දින කිහිපයක් පුරා ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර මට්මට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. බොගෝටා සහ විලාවිසෙන්සිගෝ නගර සම්බන්ධ ‍කෙරෙන පාලමද මුළුමණින්ම විනාශ වී තිබෙනවා. මියගිය දරුවන් අවුරුදු 12 , 10 සහ 6 අතර වයස්කාණ්ඩවල පසුවන්නන්. බොහෝ පිරිස් මඩ සහිත ජලයේ එරීමෙන් මියගොස් තිබෙනවා. සහන සේවා කණ්ඩායම් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් නිරතව සිටිනවා. කොළොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විපතට පත්වූන්ට තම ශෝක පළ කර තිබෙනවා.

    Latest News