වසර 45කට පසුව දිල්ලියට ගංවතුර බලපෑමක්

ජූලි 13, 2023

    ඉන්දියාවට බලපා ඇති අධික වර්ෂාවත් සමග දිල්ලි අගනුවර ආශ්‍රිත ගංඟා රැසක ජල මට්ටම ඉහළ ඉහළ ගොස් තිබෙනවා.

    පවතින ‍අවදානම් තත්වය හමුවේ පදිංචිකරුවන් දහස් ගණනක් මේ වන විට ඉවත් කර ඇතැයි, වාර්තා වනවා.

    දිල්ලි අගනුවර ආශ්‍රිතව මෙවැනි තත්වයක් වාර්තා වන්නේ, වසර 45 කට පසුවයි. ඒ සමග ප්‍රදේශ රැසකට අවදානම් සංඥා නිකුත් කොට ඇති බව, මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසනවා. මෝසම් වැසි සමය ආරම්භයත් සමග ඇති වූ සිදු වීම් සමග පසුගිය සති කිහිපය තුළ "හිමාචල්" ප්‍රදේශයේ පමණක් පුද්ගලයින් 88 දෙනෙකු මිය ගියා. දිල්ලි නගරයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 2000 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර, යමුනා ගගේහි ජල මට්ටම ඉහළයාමෙන් ඒ අවට ජිවත් වන අවදානමට ලක් වූ ජනතාව රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කොට ඇතැයි, වාර්තා වනවා.

    Latest News