ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දින කිහිපයක් පුරා ඇදහැලෙන අධික වැසි සමග ඇතිවූ නායයාම් හේතුවෙන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දියාවට බලපා ඇති අධික වර්ෂාවත් සමග දිල්ලි අගනුවර ආශ්‍රිත ගංඟා රැසක ජල මට්ටම ඉහළ ඉහළ ගොස් තිබෙනවා.

උතුරු ඉන්දියාවේ ගංවතුර නායයෑම්වලින් මියගිය පිරිස 41 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි ද වාර්තා වෙයි.

ඉන්දියාවටා බලපා ඇති අධික ගංවතුර තත්වය තවදුරටත් ඉහළ යමින් පවතියි.

Latest News