මෙවර හජ් වන්දනාවට ලක්ෂ 25කට අවසර

ජූනි 26, 2023

    මෑත ඉතිහාසයේ විශාලතම පිරිසක් සහභාගී වීමට නියමිත හජ් වන්දනා සමය ඊයේ ආරම්භ වුණා.

    මෙවර ලක්ෂ 25 කට වැඩි පිරිසක් හජ් වන්දනාවේ යෙදීම සඳහා සෞදි අරාබියට පැමිණෙනු ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

    කො‍රෝනා වසංගතයත් සමග හජ් වන්දනාවට පනවා තිබූ සීමා, මෙවර සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. 2020 වසරේදී හජ් වන්දනාව සඳහා අවසර ලබා දුන්නේ, දසදහසකට පමණයි. 2021 දී 50,000 ක් සහ පසුගිය වසරේ ලක්ෂ 10 ක් වශයෙන් එම සංඛ්‍යාව ඉහළ නංවා තිබුණා. මේ වසරේ ලක්ෂ 25 කට හජ් වන්දනාවේ යෙදීමට අවසර ලබාදී තිබෙනවා. එය ඉතිහාසයේ හජ් වන්දනාව සඳහා අවසර ලබා දුන් ඉහළම අගය ලෙසයි, සැලකෙන්නේ.

    Latest News