හඡ් උත්සවය අද

ජූලි 10, 2022

    “මනුෂ්‍යත්වයේ පරිත්‍යාග ගුණය” සිහිගන්වන ඊදුල් අල්හා හජ් උත්සවය අදයි.  ලොවපුරා ස්ලාම් බැතිමතුන් අද මෙම උත්සවය සමරනවා. 

    ඉස්ලාම් දහමේ මූලික වතාවත්වලින් එකක්වූ ශුද්ධ හජ් වන්දනය අවසාන වගකීමයි. ඊබ්‍රාහිම් නබිතුමාගේ පවුලේ අයගේ පරිත්‍යාගශීලී ගුණය හජ් වන්දනාවෙන් ඉටුකෙරෙන නැමැදුම් තුලින් සමරනු ලබනවා.

    නොනවතින උල්පතක් වන "සම් සම්" ජලයේ ඉපැරණී ඉතිහාසය වර්තමානයේත් නබිතුමාගේ කැපකිරීම්වලට සාක්ෂි සපයන බවට විශ්වාස කෙරෙන අතර, එවැනි දෑ පදනම්කොටගෙන ලොවපුරා සිටින ස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරන්නේ පරිත්‍යාග දිනයක් ද ලෙසයි.

    නබිතුමා පෙන්වාදුන් ජීවන රටාව මුල්කර ගනිමින් ස්ලාම් ජනතාව සිය ජීවිතය හැඩගස්වාගැනීමට උත්සාහ ගැනීම මෙම දිනයේ තවත් වැදගත් අවස්ථාවක්.  

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 11:50

    Latest News