හජ් වන්දනාවෙන් මියගිය ගණන ඉහළට

ජූනි 17, 2024
    දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සෞදි ආරාබියේ හජ් වන්දනාව අතරතුර මිය ගිය සංඛ්යාෙව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි, වාර්තා වන්නේ.
    මිය ගිය පිරිස ජෝර්දාන පුරවැසියන් බව, ජෝර්දාන විදේශ අමාත්යාං ශය තහවුරු කර තිබෙනවා. ඉරාන රතු අඩසඳ සංවිධානය පවනසන්නේ, ඉරාන වන්දනාකරුවන් පස් දෙනෙකු ද මිය ගොස් ඇති බවයි.
    එහෙත්, ඔවුන් මිය ගොස් ඇත්තේ කෙසේ ද යන්න නිශ්චිතව ප්රිකාශ වී නැහැ. මෙම සතිය තුළ මක්කම ප්රනදේශයේ උෂ්ණත්වය, ‍සෙල්සියස් අංශක 46 ඉක්මවා තිබෙනවා.
    මිය ගිය අයගේ සිරුරු ඔවුන්ගේ පවුල්වල කැමැත්ත අනුව, භූමදාන කිරීමට හෝ සිරුරු ගෙන්වා ගැනීම ක්රි යාවලිය සම්බන්ධයෙන් ජෝර්දාන විදේශ අමාත්යාංශය සෞදි අරාබි බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටිනවා.
    විදෙස් මාධ්යය වාර්තා කරන්නේ, මේ වසරේ ලක්ෂ 18 කට අධික බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට සහභාගී වී ඇති බවයි.

    Latest News