ඊලොන් මස්ක්, ට්විටර් අයිති කර ගනී

ඔක් 28, 2022

    ලොව, ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක්, ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ කර තිබෙනවා.

    ඔහු එම සමාගම මිලදී ගෙන ඇත්තේ, අමෙරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකටයි.

    ඔහු සමාගම මිලදී ගත් වහාම, එහි ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සේවයෙන් නෙරපා හැර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රධාන විධායක නිලධාරී පරාග් අග්‍රවාල් ද ඊට ඇතුළත්. ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව මඟ හැරීමට ඊලෝන් මස්ක් වරක් උත්සහ කළ ද එම සමාගම නඩු මාර්ගයට පිවිසීමෙන් අනතුරුව, ඔහු නැවතත් එම සමාගම මිලදී ගැනීමට කටයුතු කළා. මස්ක් සඳහන් කරන්නේ, ට්විටර් සමාගම මිලදී ගැනීමේ අරමුණ ලාබ ඉපයීම නොවන බවයි.

    Last modified on සිකුරාදා, 28 ඔක්තෝබර් 2022 16:44

    Latest News