"ටෙස්ලා" හැර යයි

නොවැ 09, 2022

    ටෙස්ලා ‍මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ප්‍රධානී එලෝන් මස්ක් එහි තවත් අමෙරිකානු ඩොලර් මිලියන 19.5 ක කොටස් අලෙවි කර තිබෙනවා.

    සමාගමේ මුළු වටිනාකම, ඩොලර් බිලියන 3 යි දශම 9 යි 5 ක්. මෙම වසර ආරම්භයේ සිට ටෙස්ලා සමාගමේ කොටස් මිල සියයට 50 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා. සමාගම නිපදවන විශේෂ ටෙස්ලා මෝටර් රථය මුල්කාලයේ ලොවපුරා දැඩි ජනප්‍රියත්වයක් හිමි කර ගත්තා.

    කෙසේ වුවද මේ වන විට සුක්කානමේ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් අමෙරිකාවේ තිබෙන ටෙස්ලා මෝටර් රථ 40,000 කට වැඩි ප්‍රමාණයක් යළි සමාගම වෙත හරවා එවීමට සිදුව ඇති බවයි, වාර් තා වන්නේ. ටෙස්ලා සමාගමේ මෙම නව කොටස් අලෙවියට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

    එලෝන් මස්ක් ඩොලර් බිලියන 44 ක් වැය කරමින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් සති කිහිපයකට පසු මෙම කොටස් අලෙවිය සිදු වීම ද කැපී පෙනෙන කරුණක්.

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 20:04

    Latest News