පස්වැනි ස්ටාර් ෂිප් යානය අභ්‍යවකාශගත වූයේ නවීනතම තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ස්පේස් එක්ස් සමාගම ඉතිහාස ගත කරමින්.
අභ්‍යවකාශ යානයක් පෘථවි කක්ෂයෙන් ඔබ්බට රැගෙන යාම සිදු කරන්නේ බූස්ටර් එන්ජිම සහ ෂිෆ්ට් කොටස මගිනුයි. අභ්‍යවකාශ ගතවීමෙන් පසු බූස්ටර් කොටස විනාශ වී යයි.
අප්‍රේල් 20 සිදුවූ සිටාර් ෂිප් පළමු පියාසැරියේදී යානය පුපුරා ගිය අතර එයට හේතුව ලෙස හඳුනා ගැනුනේ බූස්ටර් කොටසද යානයට සවි වී තිබීමයි.
අනතුරුව රොබෝ බාහු යොදා ගනිමින් යානයේ බූස්ටර් එන්ජිම නැවත දියත් කරන කුළුනේ රැඳවුමේ ස්ථානගත කිරීම සඳහා කැච් - ලෑන්ඩිං තාක්ෂණය උපයෝගී කර ගැනීමට ස්පේස් එක්ස් උත්සාහ කළා.
ඒ අනුව 13 වනදා ටෙක්සාස් හි බොකා චිකා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පැය භාගයක අත්හදා බැලීමේ මෙහෙයුමකින් පසුව මිනිසුන් රහිත යානයක් අභ්‍යවකාශ ගත කරමින් එම උත්සාහය සාර්ථක කර ගැනීමට මසක් සමත් වුනා.
ඒ අනුව සුපර් හෙවි රොකට්ටුවේ බූස්ටරය ඉතිහාසයේ මුල්ම වරට රොකට් බූස්ටරයක් නැවත විහිදුම් ව්‍යුහය වෙත ගොඩ බැස්සවීම එලෙස සිදු වුනා.
ඒ අනුව පෘථිවි කක්ෂය, සඳ, අඟහරු සහ ඉන් ඔබ්බටත් මිනිසුන් සහ භාණ්ඩ යන දෙකම රැගෙන යාමට නිර්මාණය කළ සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කළ හැකි Starship ලොව ප්‍රභලම රොකට්ටුවයි.
බූස්ටරයද සමග එය දිගින් මීටර් 121ක්. යානයේ ටොන් 150 ක බරක් රැගෙන යා හැකි අතර එය ටොන් 250ක් දක්වා පුළුල් කළ හැකියි.