අමෙරිකාවත් ණය ඉහළ දමයි

ජූනි 02, 2023

    අමෙරිකාවේ අභ්‍යන්තර ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාවට එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

    මෙම යෝජනාව සම්මත නොවුනහොත්, එරට සියලු රාජ්‍ය කටයුතු ලබන සඳුදා ඇණහිටීමට නියමිතව තිබුණා.

    මේ සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ, ඉකුත් බදාදා දිනයි.‍ ඒ අනුව, අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත වීමට නියමිතයි. එය සම්මත වීමෙන් පසු අමෙරිකාවේ ඩොලර් ට්‍රිලියන 31 ක් වන ණය සීමාව ඉහළ නැංවීමේ අවස්ථාව සැලසෙනවා. ඒ අනුව, අමෙරිකානු රජයට එරට වියදම් පියවා ගැනීම සඳහා තවත් ණය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙමගින් බොහෝ විදෙස් රටවලට බලපෑම් එල්ල විය හැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ. මෙය අමෙරිකානු ආර්ථිකයටද අහිතකර බලපෑම් එල්ල කරන බවට වාමාංශික කණ්ඩායම් චෝදනා කරනවා. කෙසේ වුවද, මෙම ණය සීමාව ඉහළ නැංවීමට පෙර සිටම එරට සියලුම කොටස් වෙළෙඳපොළවල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

    Latest News