ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වයට මුහුණ දෙන වියට්නාමය

මැයි 08, 2023

    වියට්නාමය, ඒ රට මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයක් ලෙස සෙල්සියස් අංශක 44 ඉක්ම වූ අගයක් වාර්තා වී තිබෙනවා.

    දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම අගය, තවදුරටත් ඉහළ යා හැකි බවයි, කාලගුණ විද්‍යා විශේෂඥයින් පවසන්නේ.

    කලාපයේ අනෙකුත් රටවල් ද දැඩි උණුසුම් කාලගුණික තත්වයන්ට මුහුණ පා සිටිනවා. තායිලන්තයේ බටහිර කලාප‍යේ සෙල්සියස් අංශක 44.6 ක උෂ්ණත්වයක් ද මියන්මාරයේ නැගෙනහිර ප්‍රදේශයේ සෙල්සියස් අංශක 43.8 ක වාර්තා ගත උෂ්ණත්වයක් ද පවතිනවා. වියට්නාමයේ මේ වන විට පවතින තත්වය ඉතා අයහපත් බවත්, ඉදිරි කාලසීමාවේදී දිගින් දිගටම ජන ජීවිතයට බලපෑම් සිදු කළ හැකි බව, හැනොයින් දේශගුණික විපර්යාස කාර්යාංශය නිවේදනය කර තිබෙනවා. එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, හැකිතාක් කුඩා දරුවන් සමග තම නිවෙස් හා ගෘහාස්ශ්‍රිතව සිටින ලෙසට සෞඛ්‍ය අංශ ‍ජනතාව‍ වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    Latest News