ප්‍රංශයේ මැයි දින දා ගැටුම්වලින් පොලිසියේ 100ට තුවාලයි

මැයි 02, 2023

    ප්‍රංශයේ මැයි දින පෙළපාළිවලදී පොලීසිය හා පෙ‍ළපාළිකරුවන් අතර ඇති වු ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

    විරෝධතාකරුවන් 300 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    තුවාල ලැබූ විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි වාර්තා වී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මෙවැනි සිදුවීමකදී පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලැබීම සාමාන්‍යයෙන් සිදු නොවන බවයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සිදු කළ සංශෝධන කිහිපයකට විරෝධය පළ කරමින් ප්‍රංශය පුරා ඊයේ විරෝධතා පැවැත්වුණා. ප්‍රංශ රජය පවසන්නේ, ලක්‍ෂ 10ක පමණ පිරිසක් විරෝධතා සඳහා එක්ව සිටි බවයි. නමුත්, වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ලක්‍ෂ 30 ක පමණ පිරිසක් ඒ සඳහා සහභාගී වූ බවයි.

    Latest News