විරෝධතා නිසා ප්‍රංශ ජනපතිගේ ජනප්‍රියත්වය අඩු වෙයි

ජූලි 03, 2023

    ප්‍රංශ රජය එරට මේ දිනවල විරෝධතාවල නිරතවන්නන්ට තම නිවෙස්වලට යන ලෙස දැනුම් දී තිබෙනවා.

    පසුගිය අඟහරුවාදා පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ තරුණයෙකුට ප්‍රංශ පොලිසිය සිදුකළ වෙඩිතැබීම නිසා මෙම විරෝධතා හට ගැනුණා.

    විරෝධතා නවතා දැමිය යුතු බවයි, බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ. මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයින් ද පවසන්නේ, විරෝධතා මගින් ඔහුට සාධාරණයක් ඉටු නොවනු ඇති බවයි. එම විරෝධතා අතරතුර කඩසාප්පු මංකොල්ලකෑම් රැසක් ද ප්‍රංශයෙන් වාර්තා වනවා. එමෙන්ම විරෝධතා සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ පුවත් අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතින බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ. මෙම අර්බුදය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගේ ජනප්‍රියත්වත් පහළ බැසීමට හේතු වී ඇති බව, මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    Latest News