අමෙරිකාවේ වෙඩි තැබීමකින් දරුවෙකු ඇතුලු 05ක් මරුට

අප්‍රේ 30, 2023

    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතර, 08 හැවිරිදි දරුවෙකු ද සිටින බවයි ටෙක්සාස් පොලිසිය  පවසන්නේ.

    වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් සැකකරු අසල්වැසි නිවසකට ගොස් වෙඩි තැබීම සිදුකරඇති බව ටෙක්සාස්  පොලිසිය පවසනවා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම නිවසේ පුද්ගලයින් 10 දෙනෙකු සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    මෙක්සිකානු ජාතිකයෙකු වන  එම සැකකරු "ෆ්රැ.න්සිස්කෝ ඔරොපෙස්" නම් 38 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීමට අර්ධ ස්වංක්‍රීය රයිෆලයක් යොදාගෙන  තිබෙනවා. සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News