ඉන්ධන මිලට එරෙහි විරෝධතා වර්ධනය වෙයි

දෙසැ 02, 2018

    ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව ප්‍රංශ ජනතාව ගෙන යන විරෝධතා ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

    ඉකුත් මාස දොළහේදී එරට ඩීසල් මිල සියයට 23කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. එම්මානුවෙල් මැක්‍රොන්ගේ රජය පනවා ඇති ඉන්ධන බදුවලට එරෙහි උද්ඝෝෂණ තෙවැනි සති අන්තයට එළඹ තිබේ.

    මධ්‍යම පැරිස් නගරයේ හටගත් උද්ඝෝෂණ අතර වාරයේ පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ගැටුම් හට ගැණින. උද්ඝෝෂකයන් ගොඩනැගිලිවලට ගිනි තබා ඇති බව වාර්තාවේ. තුවාල ලබා ඇති පිරිස 110ක්. ඒ අතර, ආරක්‍ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙකු ද වේ. 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News