ප්‍රංශ ජනයා බදු බරට එරෙහිව වීථි බසී

නොවැ 24, 2018

    ප්‍රංශයේ දහස් ගණනක් ජනයා අධික ඉන්ධන මිලට හා බදු බරට එරෙහිව වීථි බැස තිබේ.

    ඔවුන් පැරිස් අගනුවර ප්‍රධාන වීථි කිහිපයක්ම අවහිර කළේය. මේ අතර, අත්බෝම්බයක් අතැතිව ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර සිටි විරෝධතාකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.

    පැරිසියේ උද්ඝෝෂණ වඩාත් දරුණු අතට හැරුණේ, සති අන්තයේ දී. ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශයට පත් කළ නව ඉන්ධන බදු නිසා පෙට්‍රල් හා ඩීසල් මිල සියයට 23කින් ඉහළ ගොස් තිබේ. මේ බදු පැනවීම අසාධාරණ බවයි, ජනතාව පවසන්නේ.

    ඉන්ධන වියදම දරාගත නොහැකි බව, ඔවුන් කියා සිටී. දිදුලන කොළ පැහැති ජැකට්වලින් සැරසී සිටීම විරෝධතාකරුවන්ගේ පොදු ලක්‍ෂණයයි. අද සවස් බාගයේ පැරිස් අගනුවරට රැස්වූ විරෝධතා කරුවන්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ.

    පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. විරෝධතා මැඩලීමට 3000ක පොලිස් බලකායක් යොදවා ඇත. ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සඳහන් කරන්නේ ඉන්ධන බදු හඳුන්වාදීම පරිසර හිතකාමී ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් බවයි.

     


    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News