රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ 25ක් මරුට

අප්‍රේ 29, 2023

    යුක්‍රේනයේ කියෙව් අගනුවර ඇතුළු නගර රැසක් ඉලක්ක කර, රුසියානු ගුවන් ප්‍රහාර මලාවක් එල්ල වී තිබෙනවා.

    එම ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බවයි, යුක්‍රේන බලධාරීන් පවසන්නේ. මධ්‍යම යුක්‍රේනයේ "උමාන්" නගරයේ මහල් නිවාසයකට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් ඇති බව, යුක්‍රේන බලධාරින් පවසනවා. මිය ගිය පිරිස අතර ළමුන් 4 දෙනෙකු ද සිටින බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    "නිප්‍රෝ" නගරයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් කාන්තාවක සහ ඇගේ දියණිය මිය ගිය බව, නගර බලධාරින් පවසනවා. මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, සිය හමුදාවන් යුක්‍රේන හමුදා ඒකක ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත්, රුසියානු ප්‍රහාර හමුවේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව, යුක්‍රේන බලධාරින් පවසනවා.

    Latest News