සාම සාකච්ජා අතර බිලියනපතියෙකුට විෂ ශරීරගත වෙයි

මාර් 29, 2022

    යුක්‍රේනය හා රුසියාව අතර, පළමු වටයේ සාම සාකච්ජා සඳහා සහභාගී වූ රුසියානු බිලියනපතියෙකු වන රොමාන් අබ්‍රමොවිච්ට කිසියම් විෂක් ශරීරගත වී ඇති බවට, සැක පළවී තිබේ. ඔහුට සාම සාකච්ජා අතරතුර මෙම විෂ ශරිරගතවන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    ඔහු පසුගිය මාසයේ බෙලරුස් - යුක්‍රේන දේශසීමා ප්‍රදේශයේ පැවති සාකච්ජාවලට සහභාගී විය. ඔහු සමග සිටි යුක්‍රේන සාම සාධක නියෝජිතයන් දෙදෙනෙකුට ද විෂ ශරීරගත වීමක් සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    ඔවුන්ගේ ඇස්වල දැවිල්ලක් හා හඳුනා නොගත් චර්ම ආසාදනයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    රොමාන් අබ්‍රමොවිච් සුප්‍රසිද්ධ චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරු ද වෙයි. රුසියාව හා යුක්‍රේනය අතර දෙවැනි වටයේ සාම සාකච්ජා අද පැවැත්වීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 11:23

    Latest News