අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩො. බිලියන 1.2ක ආධාර

මැයි 10, 2023

    අමෙරිකාව, යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 1.2 ක නව මිලිටරි ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ගුවන් ආරක්ෂක පද්ධති මෙන්ම, හමුදා පුහුණුව සඳහා අරමුදල් සැපයීම ද ඊට ඇතුළත් වේ.

    ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු නව පැකේජයට, යුක්‍රේනයේ දේශීය ගුවන් ආරක්ෂක පද්ධති, සාම්ප්‍රදායික කාලතුවක්කු, මිනිසුන් රහිත ගුවන් සඳහා ප්‍රතිඩ්‍රෝන ප‍තරොම්, චන්ද්‍රිකා ඡායාරූප සේවා ද ඇතුළත්. මේ සමග මිසයිල හා රේඩාර් ඒකාබද්ධ කිරීමේ තාක්ෂණය ද යුක්‍රේනයට ලැබෙනවා. යුක්‍රේනයේ නගර රැසක් පසුගිය සතිය තුළ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් වුණා. ඊයේ කියෙව් අගනුවර ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කර රුසියාව මෙතෙක් එල්ල කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා. එම යානා රේඩාර් තාක්ෂණය ඔස්සේ බිම හෙළීමටත්, ගුවනේදී විනාශ කිරීමටත්, යුක්‍රේන හමුදාවන්ට හැකි බවයි, වාර්තා වන්නේ.

    Latest News