වගකීමක් නැති ඩ්‍රෝන් ප්‍රහාර කාගේද ?

දෙසැ 31, 2023

    යුක්‍රේන හමුදාව නිරිත දිග රුසියාවේ ප්‍රධාන ඉලක්ක ගණනාවක් වෙත දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව, රුසියානු ආරක්ෂක අංශ පවසනවා.

    එම ප්‍රහාරවලින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මියගිය පිරිසට අමතරව තවත් සිය ගණනක පිරිසක් තුවාල ලබා ඇති බවයි. යුක්‍රේන හමුදාව මෙතෙක් පැවති යුද්ධයේදි රුසියාවට එල්ල කළ දැඩි මාරාන්තික ප්‍රහාරවලින් එකක් ලෙස මෙය සැලකෙනවා.

    යුක්‍රේනය තම භූමියට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට රුසියානු හමුදාව චෝදනා කළ ද යුක්‍රේනය එහි වගකීම මෙතෙක් බාරගෙන නැහැ.

    මේ අතර යුක්‍රේන ජනාධිපති වොලදී‍මියර් සෙලෙන්ස්කි සඳහන් කළේ රුසියානු හමුදාව ඉකුත් සිකුරාදා එල්ල කළ ප්‍රහාරවලින් 39 ‍දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ කියෙව්, ඔඩෙසා ඇතුළු නගර රැසකට ප්‍රහාර එල්ල කර තිබුණා.

    Latest News