උණූසුම් වූ ස්පාඤ්ඤය

අප්‍රේ 28, 2023

    ස්පාඤ්ඤය තුළ මේ වසරේ ඉහළම උෂ්ණත්වය ඊයේ වාර්තා වී තිබෙනවා.

    එය, සෙල්සියස් අංශක 38 ඉක්ම වූ බවයි, එරට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ.  දකුණු ස්පාඤ්ඤයේ කොඩෝබා ප්‍රදේශය තුළ එරට ‍වේලාවෙන් පස්වරු 3.00 ට මෙම ඉහළම උෂ්ණත්වය වාර්තා වුණා. ස්පාඤ්ඤ රජය ජනතාවට පවතින අයහපත් කාලගුණික තත්වයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබෙනවා.

    මෙම මාසයේ අපේක්ෂිත අගයට වඩා සෙල්සියස් අංශක 10 ත් 15 ත් ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ යාමක් සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. බලධාරීන් පෙන්වා දෙන්නේ, අප්‍රිකානු කලාපය හරහා තවදුරටත් ගමන් කරමින් පවතින උණුසුම් වායු තරංග හා ක්ෂණික වෙනස්වීම්වලට ලක් නොවන කාලගුණික තත්වයන්ගේ බලපෑම ද උෂ්ණත්වය මෙලෙස වර්ධනය වීමට බලපා ඇති බවයි.

    Latest News