උතුරු කොරියාව සහ රුසියාව අතර ආයුධ ගනුදෙනුවක්

මාර් 31, 2023

    උතුරු කොරියාව සහ රුසියාව අතර ආයුධ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවට යැවීමට සූදානම් බව, බුද්ධි තොරතුරු උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.

    උතුරු කොරියාව සහ රුසියාව අතර, ඕනෑම ආයුධ ගනුදෙනුවක් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල යෝජනා උල්ලංඝනය කිරීමක් බව, එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා. යුක්‍රේනයේ සිටින රුසියානු හමුදාවට සහ රුසියාවේ කුලී හේවා කණ්ඩායමක් වන "වැග්න" කණ්ඩායමට ද උතුරු කොරියාව ආයුධ සපයන බවට එක්සත් ජනපදය මීට පෙර චෝදනා කළා. කෙස් වෙතත්, උතුරු කොරියාව එම චෝදනා දැඩි ලෙස ප්‍රතික‍්ෂේප කර තිබුණා. ලැබී ඇති බුද්ධි වාර්තාවලට අනුව, රුසියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාව බලා පිටත් විමට නියමිත බව, ජෝන් කර්බි අනාවරණය කරනවා. මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ, මෙම පිරිස උතුරු කොරියාව සමග ආයුධ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කිරීමට යන බවයි. එහිදී උතුරු කොරියානු ආයුධ මිලදී ගෙන, එයට රුසියාව විසින් ආහාර ලබා දීමට එකඟතාවයකට පැමිණෙනු ඇතැයි, ඔහු අවධාරණය කරනවා.

    Latest News