රුසියානු හමුදාව යුක්රේනය පුරා බලශක්ති පද්ධතිය ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
යුක්රේන බලධාරීන් පවසන්නේ, මෙම ප්‍රහාරය එරට බලශක්ති පද්ධතිය වෙත රුසියාවෙන් මේ වසර තුළ එල්ල වූ 12 වැනි මහා පරිමාණ ප්‍රහාරය බවයි.
රුසියානු හමුදාව මෙම දැවැන්ත ප්‍රහාරය සඳහා මිසයිල 93 ක් සහ ඩ්‍රෝන යානා 200 කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බව, යුක්රේන බලධාරීන් පවසනවා.
යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි පෙන්වා දෙන්නේ, එල්ල වූ මිසයිල 81 ක් පමණ සාර්ථකව මැඩ පැවැත්වීමට සිය හමුදාවට හැකි වූ බවයි.
රුසියානු හමුදාව මෙහිදී මූලිකවම යුක්රේනයේ බටහිර ප්‍රදේශය ඉලක්ක කර ඇති බවයි, වාර්තා වන්නේ.
කලාප කිහිපයක බලශක්ති පද්ධතිවලට හානි සිදුව ඇති බව, යුක්රේන බලධාරීන් තහවුරු කරනවා.
මේ අතර, රුසියානු බලධාරීන් කියා සිටියේ, යුක්රේනය එක්සත් ජනපදයේ නිෂ්පාදිත මිසයිල යොදා ගනිමින් නිරිතදිග රුසියාවේ ගුවන් හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය සිදු කළ බවයි.