ෆින්ලන්තය නේටෝ රටක් වෙයි

මාර් 31, 2023

    ෆින්ලන්තය, ‍නේටෝ සංවිධානයේ 31 වැනි සාමාජික රට බවට පත්වුණා. ඒ, ‍නේටෝ සාමාජික රටක් වන තුර්කියේ පාර්ලිමේන්තුව විසින් ෆින්ලන්තය නේටෝ සංවිධානයට එක් වීමට ඉදිරිපත් කළ අයඳුම්පත අනුමත කිරීමත් සමගයි.


    කිසියම් රටකට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා එම සංවිධානයේ සියලුම සාමාජික රටවල සහය අවශ්‍ය වනවා. යුක්‍රේනයේ, රුසියානු යුද ගැටුම ආරම්භ වීමත් සමග ෆින්ලන්තය, සිය ආරක්‍ෂාව සඳහා නේටෝ සාමාජිකත්වයට අයඳුම්පතක් ඉදිරිපත් කළා. නේටෝ සාමාජික රටක් වන ස්විඩනය, එම අයඳුම් පත සම්මත කර ගැනීම සඳහා සෙසු සාමාජික රටවල් වෙත ඉදිරිපත් කළා. එහිදී, තුර්කිය එම අයඳුම් පත අවහිර කිරීමට කටයුතු‍ කළේ, ෆින්ලන්තය කුර්දි ත්‍රස්තවාදීන්ට සහය දෙන බවට චෝදනා කරමින්. දෙරටේ රාජ්‍ය නායකයින් අතර සිදු වූ සාකච්ඡාවලින් අනතුරුව, තුර්කි පාර්ලිමේන්තුව විසින් ෆින්ලන්තයේ සාමාජිකත්ව අයඳුම් පත, ඊයේ දින ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ දී අනුමත කළා. ලබන ජූලි මස ලිතුවේනියාවේ පැවැත්වෙන මීළඟ නේටෝ සමුළුවේ දී ෆින්ලන්තය නිල වශයෙන් නේටෝ සංවිධානයට ඇතුළත් කර ගැනීමට නියමිතයි.

    Latest News