ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතා මාලාවක්

මාර් 27, 2023

    ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

    ඒ අගමැති බෙන්ජමින් නෙතන්යාහූ එරට ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමත් සමගයි.

    යෝව් ගල්ලන්ත් ධුරයෙන් ඉවත් කර ඇත්තේ රජය ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහිව අදහස් දැක්වීම හේතුවෙන්.

    නෙතන්යාහූගේ රජය ඉදිරිපත් කළ මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ මුල සිටම දැඩි ජනතා විරෝධයටද හේතු වුණා.

    මේ වන විට නෙතන්යාහූගේ ජෙරුසලමේ පිහිටි නිවස ඉදිරිපිට ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් රැස්ව සිටිනවා.

    ඔවුන් මර්දනය කිරීමට පොලිසිය ජල ප්‍රහාරද එල්ල කළ බවයි, විදෙස් ප්‍රවෘත්තිවල සඳහන් වන්නේ.

    අමෙරිකාවද මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති අතර තත්වය සාමකාමීව පාලනය කරන ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලා තිබෙනවා.

    අධිකරණවලට විනිසුරුවන් පත් කිරීමේ බලය රජයට පැවරීමත්, අධිකරණයේ බලය ඉක්මවා ගිය බලයක් පාර්ලිමේන්තුවට ලබාදීමටත් නව ප්‍රතිසංස්කරණ වලින් යෝජනා වී තිබීමත්, බරපතල තත්වයක් ලෙසයි, සැලකෙන්නේ.

    Latest News