ජර් මන් ඩොයිෂ් බැංකුවේ කොටස් මිළත් පහතට

මාර් 25, 2023

    ජර්මනියේ ඩොයිෂ් බැංකුවේ කොටස් මිල ශීඝ්‍ර ‍ ලෙස පහත වැටී තිබෙනවා.

    ඊ‍යේ දිනයේ පමණක් “ෆ්‍රන්ෆැර් ට්” වෙළෙඳපොළේ කොටසක මිල 14.5% කින් පහත වැටුණා. මෙම තත්වය ගෝලීය බැංකු අර්බු‍දයේ තවත් අවස්ථාවක් බවයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.  ජර්මනියේ විශාලතම සහ සුප්‍රකටම බැංකුව, ඩොයිෂ් බැංකුවයි. පසුගිය දින කිහිපය තුළ පමණක් එහි සමස්ත කොටස් මිල පහත වැටීම 8.5% ක්. එමෙන්ම, ඊයේ දිනයේ යුරෝපා කලාපයේ බැංකු රැසක කොටස් මිල ද සැලකිය යුතු ලෙස පහත බැස තිබෙනවා. ඩොයිෂ් බැංකුවේ කොටස් මිල අඩුවීමට එම තත්වය ද හේතු වුණා.

    ලොව, ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන 30 න් එකක් ලෙස ඩොයිෂ් බැංකුව හැඳින් වෙනවා. එහි කොටස් මිල අඩු වීම යුරෝපය ඇතුළු ලොව පුරා බැංකු පද්ධතියට අහිතකර ලෙස බලපානු ඇති බවයි, ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

    Latest News