රිෂි සුනක් පවුම් මිලියන 50 ක ආධාරයක් සමග සෙලෙන්ස්කි හමුවෙයි

නොවැ 20, 2022

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි හමු වී තිබෙනවා. ඒ, කියෙව් අගනුවර සිදු කළ චාරිකාවකදී.

    රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස යුක්‍රේනයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. ඔහු විශේෂ ආරක්ෂාවක් යටතේ කියෙව් අගනුවරට පැමිණි බව, විදෙස් වාර් තා වල සඳහන්. මෙහිදී, දෙරටේ නායකයන් ද්විපාර් ශ්වික සාකච්චා පැවැත්වුවා.

    රුසියා - යුක්‍රේන යුද්ධයේදී, තවදුරටත් යුක්‍රේනයට සහය දැක්වීමටත්, යුද ආධාර ලබාදීමටත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර තිබෙනවා. ඒ අනුව, ‍බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත් කර ඇති යුද ආධාරවල වටිනාකම ඩොලර් මිලියන 60 ක්.

    Latest News