මහතීර් මොහොමඩ්ගේ දරුණු පරාජය

නොවැ 20, 2022

    මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

    කෙසේ වුවද, රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්ෂයක් සමත් වී නොමැති බවයි, වාර් තා වන්නේ. මෙවර මැතිවරණයට මැලේසියාවේ කෘතහස්ත දේශපාලනඥ මහතීර් මොහොමඩ් ද සහභාගී වුණා. කෙසේ වුවද, 97 හැවිරිදි මහතීර් මොහොමඩ් මැතිවරණයෙන් දරුණු පරාජයක් ලැබීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක් වූ පුවතක්.

    මහ මැතිවරණයේදී තියුණු සටනක් පැවතියේ, විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් ප්‍රමුඛ ඔහුගේ “පක්ටාන් හරප්පාන්” සන්ධානය සහ හිටපු මැලේසියානු අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රමුඛ ඔහුගේ ජාතික සන්ධානය අතරයි. මැලේසියානු පාර් ලිමේන්තුව ආසන 222 කින් සමන්විත වන අතර, ප්‍රතිඵල නිකුත් වී අවසන් වන විට “පක්ටාන් හරප්පාන්” සන්ධානය, ආසන 82 ක් දිනා ගනු ලැබුවා. ජාතික සන්ධානය දිනා ගෙන ඇති ආසන සංඛ්‍යාව 73 ක්. එරට වත්මන් අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්‍රි යාකුබ් සහ ඔහුගේ බර් සියන් ජාතික සන්ධානය දිනා ගෙන ඇත්තේ, ආසන 30 ක් පමණයි.

    Last modified on ඉරිදා, 20 නොවැම්බර් 2022 15:48

    Latest News