සයිබර් අවකාශයේ පොදු අනාගතය පිළිබඳ ධවල පත්‍රිකාවක් චීනයෙන් 

නොවැ 08, 2022

    චීනය "සයිබර් අවකාශයේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම" පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කරයි.

    චීනයේ රාජ්‍ය මණ්ඩල තොරතුරු කාර්යාලය විසින් එය ඊයේ (7) නිකුත් කරනු ලැබීය.  නවයුගයේ අන්තර්ජාල සංවර්ධනය සහ පාලනය පිළිබඳ චීනයේ දැක්ම සහ  ක්‍රියාකාරකම්  ධවල පත්‍රිකාවේ සඳහන් වෙයි. සයිබර් අවකාශයේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දී චීනය අත්කර ගත් ජයග්‍රහණ සහ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ අපේක්ෂාවන් ද මීට ඇතුළත් ය. 

    අන්තර්ජාලය ලෝකය ගෝලීය ගම්මානයක් බවට පත් කර ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාව අතර සම්බන්ධතා වඩාත් පුළුල් වෙමින් පවතී. මේ තුළින් හවුල්කාරී අනාගතය මැනැවින් දෘශ්‍යමාන වී ඇතැයි ද ධවල පත්‍රිකාව පෙන්වා දී ඇත.  ඩිජිටල් ආර්ථිකය නංවාලීම, පිරිසිදු හා යහපත් අන්තර්ජාල පරිසරයක් ගොඩනැගීම සහ සයිබර් අවකාශයේ අවදානම් සහගත තත්ත්ව පිටුදැකීම යන අංශවල ප්‍රගතියක් ලබා සිටින චීනය, සයිබර් අවකාශයේ ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් කර ඇත. අන්තර්ජාලය සියලු මනුෂ්‍ය වර්ගයාගේ හවුල් නිවහන ලෙස හඳුන්වාදෙන  ධවල පත්‍රිකාව පවසන්නේ මෙම නිවසේ පවිත්‍රත්වය, ආරක්ෂාව සහ සමෘද්ධිය තහවුරු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු වගකීම බවයි.  

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට

     

    Latest News