අමෙරිකාව පුරා සිටින කීර්තිමත් ඉන්දියානුවන් 600 කට අධික පිරිසක් මෙම සැමරුම වෙනුවෙන් සහභාගී වී තිබෙනවා.
ජනපතිවරයා එහිදී පවසා ඇත්තේ මෙතෙක් පැවති විශාලතම දීපවාලි උත්සවය පැවැත්වීමේ ගෞරවය තමාට හිමි වන බවයි.
ඉන්දියානු සම්භවයක් ඇති අමෙරිකානු ගගනගාමී සුනීතා විලියම්ස් ද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට වීඩියෝ සබැඳියක් හරහා ඇයගේ දීපවාලි සුබ පැතුම් එවා ඇත.
හින්දු ජනයාගේ ප්‍රධානම උත්සවය වන දීපවාලී වසර 35,000 කට වඩා ඈත ඉතිහාසයක සිට සමරනවා.
අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණයත් නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම සංකේතවත් කරන මෙම අපූර්ව උත්සවය හෙට දිනයේදී ලෝක වාසී හින්දු ජනයා විසින් ඉමහත් බැතියෙන් සමරනු ඇති.