එයා දිනනවා

අගෝ 27, 2024

    කමලා හැරිස් එක්සත් ජනපදයේ පළමු ජනපතිනිය විය යුතු බව එරට 44 වන ජනපති බැරැක් ඔබාමා පවසනවා.

    චිකාගෝ හි පැවති ඩිමොක්‍රටික් ජාතික සමුළුවේ දෙවන දිනයේදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    අමෙරිකාව නව පරිච්ඡේදයක් සඳහා සූදානම් බවත් ඔහු පවසා සිටියා.

    දේශගුණික විපර්යාස වලින් ලොව ආරක්ෂා කිරීමටත්, ගැටුම් අධෛර්යමත් කිරීමටත්, යහපත් සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වැනි දැවැන්ත අභියෝගයන් ඇයට පැවරෙනු ඇති බවත් හිටපු ජනපතිවරයා පවසා සිටියා.

    තමාගේ ජනපති ජෝ බයිඩන් බවත් විශාල ජන සංහාරයක් වැළැක්වීමට බයිඩන්ගේ තීරණය බලපෑ බවත් ඔබාමා රැස්ව සිටි ජනතාව හමුවේ කියා සිටියා.

    හිටපු ජනපති ආර්යා මිචෙල් ඔබාමාද ජනතාව ඇමතූ අතර කමලා සමග වසර ගණනක මිතුදම ඇය එහිදී සිහිපත් කළා.

    Latest News