යුක්‍රේන ධාන්‍ය අපනයන ගිවිසුමට රුසියාව යළි සම්බන්ධවේ

නොවැ 03, 2022

    යුක්‍රේන ධාන්‍ය අපනයන ගිවිසුමට යළි සම්බන්ධවීමට රුසියාව සිය එකඟත්වය පළ කර තිබෙනවා.


    යුක්‍රේනයේ සිට කළු මුහුදේ ආරක්ෂිත සමුද්‍ර කොරිඩෝවක් හරහා ධාන්‍ය අපනයනය කිරීමට අවසර දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිටුබලය ලත් ගිවිසුමකට යළි එක් වන බවයි, රුසියාව ප්‍රකාශ කරන්නේ. රුසියාව ගිවිසුමට එකඟත්වය පළ කිරීමත් සමග යුක්‍රේනයේ ධාන්‍ය නැව්ගත කිරීම එළැඹෙන බදාදා යළි ආරම්භ කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, සිය රාජ්‍යයට එරෙහිව සිදු කරන හමුදා මෙහෙයුම් සඳහා කළු මුහුදේ සමුද්‍ර කොරිඩෝව භාවිත නොකරන බවට යුක්‍රේනය වෙතින් ප්‍රමාණවත් සහතික කිරීමක් ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, යුක්‍රේන ධාන්‍ය අපනයන ක්‍රියාවලියේදී රුසියාව සහ යුක්‍රේනය අතර සැබෑ මැදිහත්කරුවෙකු ලෙස තුර්කිය ක්‍රියා කරනු ඇති බව ජාත්‍යාන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

    Latest News