නෙතන්යාහු කලින්ම දිනයි

නොවැ 02, 2022

    ඊශ්‍රායල මහ මැතිවරණයෙන් 84% ක ඡන්ද ගණන් කිරීමත් සමඟ එරට හිටපු නායක බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ දක්ෂිණාංශික කණ්ඩායම ආසන 120 න් 65 ක් දිනා ගැනීමට සමත්ව ඇත.


    මහ මැතිවරණයේ ජයග්‍රහණය එරට සෙනට් සභාව හෙවත් පාර්ලිමේන්තුව ආසන 120කින් සමන්විතයි. ඉන් ආසන 60 කට වඩා දිනා ගනු ලබන පක්ෂයට බහුතර බලය හිමි වේ. මැතිවරණයක් පැවැත්වෙන තුරු භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස යාර් ලුපිද් කටයුතු කළ අතර ඔහු යෙෂ් අටිඩ් පක්ෂය හරහා නෙතන්යාහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා විය.

    ඊශ්‍රායලයේ වැඩිම කලක් අග්‍රාමාත්‍ය ධූරය දරා ඇත්තේද නෙතන්යාහුය. කිසිදු පක්ෂයකට බහුතරය දිනා ගැනීමට නොහැකි වීමත් සන්ධාන රජයන් මත ගැටුම් හේතවෙන් බිඳ වැටීමත් නිසා ඊශ්‍රායලයට වසර තුනක් ඇතුළත මහ මැතිවරණ 5කට මුහුණ දීමට සිදු විය.

    Latest News