ජනපතිගෙන් අවවාද

ඔක් 27, 2022

    චීනය සහ අමෙරිකාව යහපත් සබඳතා පවත්වා ගත හැකි මාර්ග කරා යොමු විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කරනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, තෙවැනි වරටත් චීන නායකත්වයට පත්වීමෙන් පසු මුල්වරට චීන අමෙරිකා සබඳතා කමිටුව වෙත ලිපියක් යොමු කරමින්.අමෙරිකාව සහ චීනය අතර මාස කිහිපයක් පුරා පවතින්නේ දැඩි ‍මතභේදකාරි තත්වයක්. තායිවාන ප්‍රශ්නය, යුක්‍රේන අර්බුදය හා වෙළඳ ගැටලු ඊට ප්‍රධාන හේතුවයි.

    කෙසේ වෙතත් චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාව සම්බන්ධයෙන් පළ කර ඇති අදහස් මේ උණුසුම් තත්වය සමනය කිරීමේ අපේක්ෂාවෙන් ගත් පියවරක් ලෙසයි, සැළකෙන්නේ. චීනය හා අමෙරිකාව අතර සම්බන්ධීකරණය හා සන්නිවේදනය පුළුල් වන්නේ නම් එය ගෝලීය ස්ථාවරභාවයට හා සාමයට හේතුවන බවයි, චීන නායකයා ප්‍රකාශ කරන්නේ. චීනය සමග විවෘත ගැටුමකට එළඹීම අමෙරිකාවේ අපේක්ෂාව නොවන බව ජනාධිපති ජෝ බයිඩන් ද ‍මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

    Last modified on සිකුරාදා, 28 ඔක්තෝබර් 2022 10:23

    Latest News