තල්මස් සිරුරකින් 40kgක ප්ලාස්ටික්

මාර් 19, 2019

    පිලිපීනයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මස් සිරුරක් තුළ තිබී කිලෝ 40ක පමණ ප්ලාස්ටික් බෑග් තොගයක් හමුවී තිබේ.

    විද්‍යාඥයින් පවසන්නේ, සමුද්‍ර දූෂණයේ තරම එමගින් පෙන්නුම් කෙරෙන බවයි. තල්මස් සිරුර පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම පවසන්නේ, සහල් මලු 16ක් සහ තවත් පොලිතීන් බෑග් රැසක් තල්මසාගේ ශරීර අභ්‍යන්තරයෙන් හමුවූ බවයි. සම්පූර්ණ ලැයිස්තුව තව දින කිහිපයකින් ඉදිරිපත් කරන බව ද ඔවුන් සඳහන් කරයි. සාගරයට පොලිතින් අපද්‍රව්‍ය එක්වන ප්‍රධාන රටවල් 5න් එකක් වන්නේ පිලිපීනයයි.

    චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය හා තායිලන්තය සෙසු රටවල්. සාගරයට මුදා හැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් 60%ක ප්‍රමාණයක් එක්වන්නේ එම රටවලින්. ඉකුත් වසරේ ජුනි මස තායිලන්තයෙන් ද ප්ලාස්ටික් බෑග් 80ක් පමණ ශරීරගතව තිබූ තල්මස් සිරුරක් හමුවිය. එක්සත් රාජධානියේ වාර්තාවක් පෙන්වා දෙන්නේ, මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීම නතර නොකළහොත්, තවත් දශකයක් ඇතුළත මුහුද ආශ්‍රිත ප්ලාස්ටික් ප්‍රමාණය 3 ගුණයක් වනු ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 11:03

    Latest News