තුර්කිය හා නවසීලන්තය අතර මතභේද

මාර් 20, 2019

    නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුවූ සමූහ මිනිස් ඝාතනය මුල් කර ගනිමින්, තුර්කිය සහ නවසීලන්තය අතර මතභේදයක් හටගෙන තිබේ.

    තුර්කි ජනාධිපති, රෙසෙෆ් තායිප් එර්ඩෝගන්ට නිල වශයෙන් විරෝධය පළ කිරීම සඳහා, නවසීලන්ත විදේශ ඇමතිවරයා එරටට පැමිණිමට නියමිතයි. මතභේදය හටගෙන ඇත්තේ, තුර්කි ජනාධිපතිවරයා මැතිවරණ රැළියකදී, නවසීලන්ත ඝාතකයා සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කළ වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධවයි.

    තනය සිදු කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා තුළ පවතින ඉස්ලාමීය විරෝධය හා තුර්කි ජාතිකයන් කෙරෙහි වූ වෛරය පෙන්වාදීම සඳහා මෙය ප්‍රදර්ශනය කළ බවයි, තුර්කි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

    එම ක්‍රියාව මෙන්ම ඒ සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති එර්ඩෝගන් කළ ප්‍රකාශ ද නවසීලන්තය හා ඔස්ට්‍රේලියානු ආණ්ඩුවල විරෝධයට ලක්ව තිබේ.

    Latest News