සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ 16ක් මරුට...

ඔක් 25, 2022

    බෙංගාල බොක්කේ වර් ධනය වූ “ස්ට්රැන්ග්” සුළි කුණාටුවේ බලපෑමෙන් බංග්ලාදේශයේ දහසය දෙනෙකු මියගොස් තිබෙනවා.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, එරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. බංග්ලාදේශයේ වෙරළාසන්න දිස්ත්‍රික්ක 15ක මිලියන 10 කට අධික පිරිසකට විදුලිය ඇනහිට තිබෙනවා. දකුණු සහ නිරිතදිග කලාපයේ පාසල් වසා තැබීමට ද බලධාරීන් ක්‍රියා කළා.

    සුළි කුණාටුව ඊ‍යේ සවස වන විට බංග්ලාදේශයේ දකුණුදිග ප්‍රදේශයෙන් රට තුළට ඇතුළු වුණා. කාලගුණ අංශ මුල සිටම අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර ඒ අනුව අවදානම් ප්‍රදේශවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැණුනා. නිවාස රැසක් මුළුමණින්ම විනාශ වී ගොසින්. ඩකා අගනුවර, බරිසාල් සහ කුල්නා වැනි නගරවලට ඊයේ මිලිමීටර 324 ට වැඩි තද වර්ෂාපතනයක් පැවතියා. එම නගරවල ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා. “ස්ට්රැන්ග්” සුළි කුණාටුවේ බලපෑමෙන් දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක අධික වැසි සහිත කාලගුණ තත්වයක් හටගෙන තිබෙනවා.

    Latest News