පකිස්තාන මාධ්‍යවේදියා ඝාතනය සැකයක්

ඔක් 25, 2022

    පකිස්තාන මාධ්‍යවේදී හර්ෂාද් ෂරීෆ් කෙන්යාවේදී ඝාතනය කිරීම පිළිබඳව එරට රජය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    කෙන්යානු පොලිසිය පවසන්නේ, පැහැර ගෙන යන වාහනයක් ලෙස වැරදි ලෙස වටහා ගැනීමෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

    පකිස්තාන හමුදා රජය දැඩි ලෙස විවේචනයට ලක් කරන මෙම  මාධ්‍යවේදියා, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට සහය දක්වන්නෙක් ද වනවා. මොහුට වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රැසක් මතු වී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මොහු ගමන් කළ රථය අංකයට ආසන්න වශයෙන් සමාන අංක තහඩුවකින් යුත් රථයක් කුඩා දරුවෙක් සමග පැහැර ගෙන යමින් සිටින බවට ලද තොරතුරක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

    කෙසේ වෙතත්, වාහනය නැවැත්වීමට අවශ්‍ය නම්, රෝදවලට හෝ රියදුරුට වෙඩි නොතබා ‍ඉදිරි පස අසුනේ සිටි අය ඉලක්ක කර ගෙන වෙඩි තැබීම බරපතල ප්‍රශ්නයක් බවයි, ඔවුන් පවසන්නේ. ‍එසේම, කුඩා දරුවෙක් පැහැර ගෙන යන රථයකට වෙඩි තබන්නේ, කුමන අරමුණකින් ද යන්න පිළිබඳවත් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

    මීට අමතරව මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් ගැටලු රැසක් හට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News