අගමැති සටනින් බොරිස් ජොන්සන් ඉවතට

ඔක් 24, 2022

    බ්‍රිතාන්‍ය අගමැති සටනින් හිටපු අගමැති බොරිස් ජොන්සන් ඉවත් වී තිබෙනවා. ඔහු ඊයේ මේ බව කියා සිටියා. 

    යළි අගමැති ධුරයට තරග කිරීම සුදුසු දෙයක් නොවන බවයි, ඔහු ප්‍රකාශ කළේ. ඔහු සඳහන් කර සිටියේ, තමාට අවශ්‍ය මන්ත්‍රී බහුතරයේ සහය තිබෙන නමුත්, තරගයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

    මීළඟ මහ මැතිවරණය ද තම නායකත්වය යටතේ ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙන බවයි, හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේ. එහෙත්, නායකත්වය සඳහා තරග කිරීමට මේ සුදුසු අවස්ථාව නොවන බව, බොරිස් ජොන්සන් සඳහන් කළා.

    මේ වන විට කන්සවේටිව් පක්ෂය නායකත්ව සටනේ ඉදිරියෙන්ම සිටින්නේ, රිෂී සනොක් වන අතර, ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. 

    Latest News