බොරිස් ජොන්සන් ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

අප්‍රේ 18, 2022

    එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අප්‍රේල් 21-22 දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

    ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනූවයි. අග්‍රාමාත්‍යවරයා ලෙස ජොන්සන්ගේ පළමු ඉන්දීය සංචාරය මෙයයි.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් රාෂ්ට්‍රපති භවන්හිදී චාරිත්‍රානුකූලව පිළිගනු ලබන අතර අප්‍රේල් 22 වැනි දින අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    නවදිල්ලියේ නිල කටයුතුවලට අමතරව, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අප්‍රේල් 21 වැනි දින ගුජරාටයට ද සංචාරය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සදුදා, 18 අප්‍රේල් 2022 11:51

    Latest News