සුළි කුණාටුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම්...

ඔක් 23, 2022

    මෙක්සිකෝව හරහා හමාගිය ප්‍රබල සුළි කුණාටුවකින් එරට ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.

    "රොස්ලින්" නැමැති මෙම සුළි කුණාටුවෙන් එරට ප්‍රදේශ ගණනාවකට ගංවතුර අවදානමක් උද්ගතව තිබෙනවා. සිව්වන කාණ්ඩයට අයත් ප්‍රබලත්වයකින් යුතු මෙම සුළි කුණාටුවෙන් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ, පැසිෆික් වෙරළ තීරයයි. කුණාටුව පැයට කිලෝමීටර 209ක පමණ වේගයකින් හමායමින් තිබෙනවා. එමගින් බටහිර "නයරිට්" ප්‍රාන්තයට ද දැඩි බලපෑම් එල්ල වනු ඇති බවටයි, අමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ.

    ප්‍රාන්ත නිලධාරින් හදිසි සේවාවන් ද ක්‍රියාත්මක කර තිබෙනවා. කුණාටුව හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවලට බලපෑම් එල්ලවන අතර, මුහුදු රළ ඉහළයාම් ද දැකිය හැකියි. ප්‍රදේශ කිහිපයකට නාය අනතුරු අවදානමක් උද්ගත විය හැකි බවට අනුමාන කෙරෙනවා. ජනතාව, ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා ආරක්ෂිත ස්ථාන කිහිපයක් දැනටමත් ස්ථාපනය කර අවසන්.

    Latest News