බොරිස් ජෝන්සන් රහසේම විවාහ වෙයි

මැයි 31, 2021

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පෙම්වතිය කැරී සයිමන්ඩ්ස් සමග විවාහ දිවියට එළඹ තිබේ.

    නිරෝධායන නීති හේතුවෙන් විවාහ මංගල්‍යය පවත්වා ඇත්තේ 32 දෙනෙකුගේ පමණක් සහභාගීත්වයෙන්. පසුගිය සෙනසුරාදා රාත්‍රී පැවති මෙම විවාහ මංගල්‍යය අතිශය රහසිගතව සිදු කරන ලද්දක් බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් පවා මේ පිළිබඳ නිසි විස්තර නොදැන සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. එරට අග්‍රාමාත්‍යවරයෙකු සිය ධුර කාලයේ සිටිය දී මෙලෙස විවාහ වූයේ වසර 250කට පමණ පසුවයි.

    56 හැවිරිදි බොරිස් ජොන්සන්ට සහ 33 හැවිරිදි කැරී සයිමන්ඩ්ස්ට වසරක් වයසැති පුත්‍රයෙකු ද සිටියි. ඔවුන්ගේ විවාහය මීට මාස 6කට පමණ පෙර සැලසුම් කෙරුණ ද අවසන් මොහොත වන තෙක් කිසිවෙකුත් ඒ පිළිබඳව දැනුම් දී තිබුණේ නැහැ.

    Last modified on සදුදා, 31 මැයි 2021 10:55

    Latest News