රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටේ

ඔක් 24, 2022

    රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

    ජෙට් යානය පුහුණුවීම් කටයුතුවල නිරතව තිබූ එකක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    යානය දකුණුදිග සයිබීරියාවේ ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත කඩා වැටී ඇති බවයි, වාර්තා වන්නේ. SU 30 වර්ගයේ ප්‍රහාරක යානයක් වන මෙහි සිටි නියමුවන් දෙදෙනා මෙලෙස මියගොස් තිබෙනවා.

    රුසියානු බලධාරීන් පවසන්නේ, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බවයි. පසුගිය සඳුදා දිනයේද SU 34 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් නිවාස සංකීර්ණයක් වෙත කඩා වැටුණා. එම අනතුරෙන් පුද්ලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

    Latest News