දකුණු කොරියාවේ “හෝගුක්“  යුද අභ්‍යාසය අරඹයි

ඔක් 17, 2022

    දකුණු කොරියාව, යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කර තිබෙනවා.

    උතුරු කොරියාව කලාපීය ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරතවන පසුබිමකයි, දකුණු කොරියාවද සිය යුද අභ්‍යාස ආරම්භ කර ඇත්තේ.

    දකුණු කොරියාව “හෝගුක්” නැමති මෙම යුද අභ්‍යාසය වාර්ෂිකව පවත්වනවා. අද ආරම්භ වූ මෙම යුද අභ්‍යාස මාලාව ලබන සෙනසුරාද දක්වා පැවැත්වෙන බව, එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. මෑත කාලයේ දකුණු කොරියාව, අමෙරිකාව සහ ජපානය සමග ද, ඒකාබද්ධව යුද අභ්‍යාසවල නිරත වුණා. එම යුද අභ්‍යාස මාලාවේ තවත් දිගුවක් ලෙසයි, අද ආරම්භ වූ යුද අභ්‍යාසය සැලකෙන්නේ.

    Latest News