කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යළිත් ෂී ජින්පින්ටද

ඔක් 17, 2022

    චීන ජනාධිපති ෂී ජින්පිංට තෙවන වරටත් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය හිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. 

    සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පක්ෂ නායකත්වය තෙවරක් ලබා නොදෙන නමුත් මෙවර ඔහුට එය හිමි වන බවයි පක්ෂ සාමාජිකයන් පවසන්නේ.

    චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ඊයේ ආරම්භ කෙරුණා. ෂී ජින්පිංගේ නායකත්වයට එරෙහිව මේ වන විට විරෝධතා ද මතුවෙමින් පවතිනවා. ඒ කොරෝනා වෛරසය මැඩලීම සඳහා දිගින් දිගටම සිදුවන සංචරණ සීමා පැනවීම ඇතුලු හේතු කිහිපයක් හේතුවෙන්.

    ජනාධිපතිවරයා සමුළුව අමතමින් පවසා සිටියේ, එය වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන ජනතාව‌ෙග් යුද්ධයක් බවයි. ප්‍රදේශ වසා දැමීමේ ක්‍රියාමාර්ග ඉක්මණින් නතර කිරීමේ බලාපොරොත්තුවක් ද නොමැති බව ද ඔහු කියා සිටියා. 

    තායිවාන අර්බුදය සම්බන්ධයෙන් ද දැඩි ප්‍රතිපත්තයක් අනුගමනය කිරීමට සූදානම් වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. චීන කොමියුනිස්ට් පක්ෂය තුළ තිබූ භයානක අනතුරු කිහිපයක් ඉවත් කිරීමට හැකිවූ බවත් ඔහු පවසා සිටියා. චීනයේ ආරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳව තමා විශේෂ අවධානය යොමු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

    මෙවර පක්ෂ සම්මේලනයේදී ඔහුට යළි පක්ෂයේ නායකත්වය ලැබුනහොත් චීනයේ මාවෝ සේතුං ජනාධිපතිවරයාට පසු චීනයේ බලවත්ම ජනාධිපතිවරයා බවට ෂී ජින්පිං පත්වනු ඇති.     

    Last modified on සදුදා, 17 ඔක්තෝබර් 2022 12:20

    Latest News